ප්‍රතිඵල සමීක්ෂණයට ආ ගුරුවරු අපලයකට ගොදුරු වෙයි...

Published in පුවත්
Wednesday, 20 December 2023 11:38

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පැමිණි ගුරුභවතුන්ට නිසිලෙස පහසුකම් සපයා නොමැති වීමෙන් අද (20) උදෑසන විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.

දුර බැහැල පළාත්වලින් ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු වෙනුවෙන් පැමිණි ගුරුවරුන්ට නවාතැන් පහසුකම් ඇතුළු සෙසු පහසුකම් සපයා නොදීම හේතුවෙන් ඔවුන් ඊයේ (19) රාත්‍රිය වනතුරු නවාතැන් ස්ථාන සොයා ගැනීමට පවා නොහැකිව බොහෝ අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ.

එහිදී ප්‍රතිඵල සමීක්ෂණය සදහා පැමිණි ගුරුවරයෙකු මෙසේද පැවසීය.

"මම මාතලෙන් ආවේ. නවාතැන් නෑ. හරියට කෑම බීම නෑ. ප්ලේන්ටියක් බොන්න තැනක් නෑ. ගෙවීම් පරක්කුයි. අපි බලපු ඒවටත් තවම ගෙවීම් කරලා නෑ. සහකාර පරීක්ෂකවරුත් ගෙන්වලා. අපිට තියෙන  දවස් තුනේ වැඩකොටස අඩුවෙලා. වෙනදට ප්‍රශ්නයක් නෑ. මම 2200ක් දීලා කාමරයක හිටියේ."

ඇතැම් ගුරුවරු අධික මුදලක් වැයකර නවාතැන් ස්ථාන සොයාගෙන තිබූ අතර එලෙස මුදල් වියදම් කරමින් මෙවැනි කටයුත්තක් සිදුකිරීම අපහසු බව පවසමින් ඔවුන් අද (20) ප්‍රශ්න පත්‍ර නැවත සමීක්ෂණ කටයුතුවලින් ඉවත් වූ බව ද වාර්තාවේ.

එමෙන්ම ශිෂ්‍යත්වය ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා දිවයින පුරා සිටින ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ගුරුවරුන්ට දින තුනක් සඳහා පැමිණෙන ලෙස දැනුම්දී තිබුණි.

මෙහිදී විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතා පහත් ලෙස තමන්ට සැලකූ බවට ද ගුරුවරු චෝදනා කර සිටි අතර විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ගුරුවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවුණි.

එම අවස්ථාවේදී විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පැමිණ ගුරුවරුන්ව නැවත සමීක්ෂණ කටයුතු සඳහා රැගෙන යෑමට සහ ගැටලුව විසඳීමට මැදිහත් වූ අතර පසුව ඔවුන් එම ස්ථානයෙන් පිටව ගියේය.

කෙසේ වෙතත් විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් තමන් කනගාටුවන බවය.

Last modified on Wednesday, 20 December 2023 11:41

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us