උත්සව සමය සදහා හෙට සිට විශේෂ දුම්රිය සහ බස් සේවාවක්

Published in පුවත්
Thursday, 21 December 2023 08:34

එළැඹෙන උත්සව සමය සඳහා විශේෂ දුම්රිය සහ බස් ධාවනය හෙට (22) සිට ආරම්භ වේ.

දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවයි.

කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන් කරන මගීන් සඳහාත් විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වේ.

නත්තල් උත්සවය, පාසල් නිවාඩුවත් සමඟ ගම්බිම් බලා පිට ව යන ජනතාව වෙනුවෙන් එම විශේෂ බස් හා දුම්රිය සේවාව ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

ඒ අනුව හෙට සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවධාරණය කරයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us