විදේශ විනිමය රජයට ගලා ඒමත් සමඟ මේ වසරේ ඉහළ සංචිතයක් !

Published in පුවත්
Thursday, 21 December 2023 08:44

මෙම වසර අවසන් වන විට රට තුළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන හතර ඉක්මවනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, එය මේ වසරේ බලපොරොත්තු වූ අගයට වඩා වැඩි අගයක් බවයි.

කැපී පෙනෙන ලෙස විදේශ විනිමය රජයට ගලා ඒමත් සමඟ දළ සංචිත ශක්තිමත් වී තිබේ.

මේ වසරේ දෙසැම්බර් මාසය තුළ දී අමෙරිකානු ඩොලර් මිලියන 787ක විදේශ විනිමයක් රජයට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන වාරිකය ද ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ද ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් ද දෙසැම්බර් මාසය තුළ දී රජයට ලැබී තිබේ.

මෙමඟින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීම රජයේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us