විදුලිබල සේවකයන්ට වාර්ෂික ප්‍රසාද අහිමි වෙයි

Published in පුවත්
Thursday, 21 December 2023 17:44

විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත මෙවර කිසිදු වාර්ෂික ප්‍රසාද දීමනා ලබා දීමක් සිදු නොකෙරෙන බව වාර්තා වේ.

එමෙන්ම මීට පෙර විදුලිබල මණ්ඩල සේවකයින්ට ගෙවන ලද දිරිගැන්වීම් සහ අනෙකුත් දීමනා ද මේ සමඟ අත්හිටුවනු ඇත.

මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මණ්ඩලයේ සභාපති, සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වයට ලිපියක් මගින් දැනුම් දී සිටී.

එසේම 2015 වසරේ සිට සෑම වසර 3කටම වරක් සිදුකෙරුණු 25%ක වැටුප් වර්ධක ගෙවීම් ද මෙවර නොගෙවීමට තීරණය කර ඇති බව අදාළ ලිපියේ සඳහන් වේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මණ්ඩලයේ මෙහෙයුම් හා පරිපාලන වියදම් අඩුකිරීම සඳහා ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම පියවර ගෙන ඇති බවය.

CEB Bonus

Last modified on Thursday, 21 December 2023 18:25

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us