කඩුවෙල නගර සභාවේ ලක්ෂ 23ක් වටිනා ටයර් සොරා ගත් 3ක් අත්අඩංගුවට

Published in පුවත්
Friday, 22 December 2023 10:29

කඩුවෙල මහ නගර සභාවේ තිබූ රුපියල් ලක්ෂ 23 වටිනා ටයර් 34 ක් සොරකම් කල තිදෙනකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

එම නගර සභාවට අයත් අතුරුගිරිය වල්ගම දිස්ත්‍රික් කාර්යාල ගබඩාවේ මෙම සොරකම සිදුව ඇති අතර එම කාර්යාලයට අනුයුක්තව රාජකාරි කළ සේවකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම උප කාර්යාල ගබඩාවේ තිබූ ටයර් 34 ක ප්‍රමාණයක් නොවැම්බර් මස 27 ත් දෙසැම්බර් 03 දිනත් අතර කිසිවකු සොරාගෙන ගොස් ඇති බවට වල්ගම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිළධාරී විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන කිරීමෙන් පසු මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us