ජනපති අතින් නව පත්වීම් රැසක්

Published in පුවත්
Friday, 22 December 2023 10:43

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු අද (22) උදෑසන පත්කර තිබේ.

අදාළ පත්වීම් 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරන්නේ.

පත්කරන ලද නම් ලැයිස්තුව මෙසේය,

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස වසන්තා පෙරේරා මහත්මිය පත්කර ඇති අතර අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එන්.එම් රණසිංහ පත් කර තිබේ.

වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ගුණදාස සමරසිංහ පත්කර ඇති අතර ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඒ. සී. මොහොමඩ් නෆීල් පත්කර තිබේ.

එසේම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩබ්ලිව්. පී.පී යසරත්න පත්කර ඇත.

වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සමන් දර්ශන පාඬිකෝරාල පත්කර තිබේන බවයි වාර්තා වන්නේ.

 -P.M

 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us