සුනාමි ඇවිත් වසර 19 ක්. මිය ගිය අය සිහි කරන්න රටපුරා සැමරුම්

Published in පුවත්
Tuesday, 26 December 2023 09:23

සුනාමි ව්‍යවසනය සිදුවී අදට (26) වසර 19ක් සපිරේ.

2004 වසරේ දෙසැම්බර් 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් 35,000කට අධික පිරිසක් මියගිය අතර තවත් 5000ක පිරිසක් අතුරුදන් වුණි.

සුනාමි ව්‍යවසනය සිදුවූ දෙසැම්බර් 26 වන දින ජාතික සැමරුම් උත්සවයක් ලෙස සිහි ගන්වන අතර එය 2012 වසරේ සිට ජාතික සුරක්ෂිත දිනය වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව මෙවර ද ජාතික සුරක්ෂිත දිනය දීප ව්‍යාප්තව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන සැමරුම් උත්සවය පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතය.

2004 වර්ෂයේ දෙසැම්බර් 26 වැනි දින සුනාමි ඛේදවාචකය හේතුවෙන් පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් දුම්රිය මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම වෙනුවෙන් අද (26) උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත බලා දුම්රියක් ධාවනය වී තිබේ.

මෙම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25ට පිටත් වූ අතර, එය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 6.50ට පිටත්වුණි.

2004 වර්ෂයේ සුනාමි අනතුරට පත් වූ දුම්රිය ඇන්ජිම වන 591 අදත් එලෙසම ගමන් ඇරඹීම මෙහි විශේෂත්වයකි.

මෙහිදී කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් දුම්රිය තුළ පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකළහ.

අනතුරුව දුම්රිය පිටත් වූ අතර පැරෑලිය දුම්රිය ස්ථානයේදී විනාඩි දහයක පමණ කාලයක් දුම්රිය නවත්වා සුනාමි සැමරුම් ස්ථානයේ පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය.

සුනාමි ව්‍යසනයෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සිදුවනු ඇත.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us