ඔන්ලයින් ආසන වෙන් කිරීමේ සේවාවෙන් රු.කෝටි තුනහමාරක ආදායමක්

Published in පුවත්
Wednesday, 27 December 2023 09:24

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීමේ සේවාව සඳහා ඉදිරි වසරේ සුඛෝපභෝගී බස් රථ 200ක් එක් කිරීමට කටයුතු කරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් පැවැසීය.

sltb.eseat.lk වෙබ් අඩවිය ඔස්සේ වසරකට අධික කාලයක් සිදු කළ අන්තර්ජාලය ඔස්සේ මගී ආසන වෙන් කිරීමේ සේවාව අති සාර්ථක බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා මගී ආසන 80,000ට ආසන්න ප්‍රමාණයක් වෙන් කරගෙන ඇති බවත් ඊට අදාළව රුපියල් කෝටි තුනහමාරකට ආසන්න ආදායමක් ලංගම උපයා ඇති බවත් ඔහු පැවැසීය.

පසුගිය නත්තල් නිවාඩුව සහිත සතිඅන්තයේ විශාල ඉල්ලුමක් මෙම ආසන වෙන් කිරීමේ සේවාව ඔස්සේ ලැබුණු බව කී ඒ මහතා 1315 අංකය ඔස්සේ ද ආසන වෙන් කිරීමේ පහසුව ඇතැයි ද කියා සිටියේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us