සිරිපා වන්දනාවට අදාළව විශේෂ ගැසට් නිවේදනයක්

Published in පුවත්
Wednesday, 27 December 2023 09:37

සිරිපා වන්දනා සමය තුළ සිදු කළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය මඟින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රධාන කරුණු 10කින් එය සමන්විත වේ.

2023-2024 ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (26) යෙදී ඇති උඳුවප් පුර පොහොය දිනෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව ඊයේ දිනයේ සිට ලබන වසරේ මැයි මස 24 වැනි දින දක්වා ශ්‍රී පාද වන්දනා සමය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

මේ ගැසට් නිවේදනය මඟින් සිරිපා මළුව විශ්‍රාම ශාලා ප්‍රදේශයේ මෙන්ම ගමන් මාර්ගයේ වෙළෙඳාම තහනම් කර ඇති අතර අවසර ලත් ස්ථානවල හැර පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය හෝ වෙනත් දෑ අලෙවි නොකළ යුතු බවත් මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිදු මත්ද්‍රව්‍යයක් ගමන් මාර්ගයේ රැගෙන යෑම, තබා ගැනීම විකිණිම මිල දී ගැනීම හෝ භාවිත කිරීම තහනම් කර ඇත. සිරිපා පිවිසුම් මාර්ගයේ දෙපස අවසර ලත් ස්ථාන හැර කිසිදු ස්ථානයක තාවකාලික හෝ ස්ථිර වෙළෙඳසල් තැනීම හෝ පවත්වාගෙන යෑම හෝ වෙළෙඳාම් කිරීම තහනම් කර ඇති අතර විකිණීමට ඇති ආහාර ද්‍රව්‍ය මැස්සන්ගෙන් ආරක්ෂා වන අයුරින් වසා තැබිය යුතු බව ඇතුළු කරුණු ගණනාවක් දැනුම් දෙමින් මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us