බිත්තර රු 30-35ට දෙන්න පුළුවන් - බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය

Published in පුවත්
Saturday, 30 December 2023 18:00

ඉදිරි මාස කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 30 -35 අතර මුදලකට ලබා දිය හැකි වෙතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

පසුගිය දින කිහිපයේ දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල රු. 65 දක්වා ඉහළ ගිය නමුත් එය මේ වන විට රුපියල් 50 - 45 ත් අතරට පැමිණ තිබේ.

මේ අතර තවත් බිත්තර මිලියන හයක තොගයක් හෙට (31) ඉන්දියාවෙන් පැමිණෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය වානිජ (විවිධ ) සංස්ථාව (STC) පවසයි. STC සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ මෙම නව බිත්තර තොගය සිල්ලර අලෙවිය සඳහා දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් වෙත නිකුත් කරන බවය. මෙම බිත්තර රු 35 ක මිළකට ලබා ගත හැකිය.

එසේම නව වැට් බදු බිත්තර මිලට බලනොපාන අතර ඒ අනුව අප්‍රේල් අලුත් අවුරුදු උත්සව සමයේදී එය රුපියල් 30ත් 35ත් අතර ප්‍රමාණයකට පහත වැටෙනු ඇති බවත් වලිසුන්දර ද පවසා සිටී.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us