ජාතික රෝහලේ අනපේක්ෂිත මරණයක් ! ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීලා ද?

Published in පුවත්
Saturday, 30 December 2023 18:09

කොළඹ ජාතික රෝහලෙන් අනපේක්ෂිත මරණයක් සිදු වී ඇති බව වාර්තා වේ.

පියයුරු සම්බන්ධ ශල්‍යකර්මයක් සඳහා නේවාසිකව සිටි රෝගියකුගේ ශල්‍යකර්මය නිසි පරිදි සාර්ථකව සිදුකර පසුව නැවත රෝගියා ප්‍රකෘති තත්ත්වයට ගැනීම සදහා ඔක්සිජන් ලබා දී ඇති අතරතුර මෙම මරණය සිදුව ඇත.

කෙසේ වෙතත් මෙම අනපේක්ෂිත මරණය සිදු වී ඇති බවට හේතුව ලෙස වාර්තා වන්නේ ඔක්සිජන් ලබා දීමේදී විශාල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ශරීර ගතවී රෝගියා මරණයට පත්ව ඇති බවය.

මෙහිදී ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දුන්නාද එසේ නොමැතිනම් කිසියම් ආකාරයකින් මෙම වායුන් දෙක සම්බන්ධ වීමක් සිදුවීම හෝ ලබා දුන් ඔක්සිජන් වල ගැටළුවක්ද යන්න පිළිබඳ විමර්ශනයක් මේ වන විට ජාතික රෝහල සිදුකරන බවත් වාර්තා වේ.

මෙම අනපේක්ෂිත මරණය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසා සිටින්නේ එම මරණය වාර්තා වන්නේ ශල්‍යකර්මය සම්බන්ධ ප්‍රශ්නයක් නිසා නොවන බවත් රෝහලේ සත්කාර සේවයේ පවතින ගැටලුවක් මත සිදුව ඇති බවත්ය.
වැඩිදුටත් වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසා ඇත්තේ එවැනි වැරදි සිදුනොවීමට මෙම සිද්ධිය යට නොගසා සැබෑවටම සිදුව ඇත්තේ කුමක්ද යන වග හෙළිදරව් විය යුතු බවය.

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හැටඑක් වියැති අවිවාහක කාන්තාවක් මෙලෙස අනපේක්ෂිත ලෙස මිය ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග තහවුරු කරයි.

-RS

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us