වැඩි මිළට කීරි සම්බා විකුණන්නන් සොයා අද සිට දිවා රෑ වැටලීම් ! මිළ වැඩි නම් දැනුම් දෙන්නත් අංකයක්

Published in පුවත්
Friday, 05 January 2024 20:30

අද (05) සිට පාලන මිල ඉක්මවා කීරි සම්බා අලෙවිකරන වෙළෙඳුන් සොයා දිවා රෑ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

කීරි සම්බා කිලෝග්‍රෑම් 01ක පාලන මිල ලෙස දක්වා ඇත්තේ රුපියල් 260කි.

2023 වසරේ සිදුකරන ලද වැටලීම්වලදී පාරිභෝගික කටයුතු අධිකාරිය වෙළෙඳුන්ගෙන් ලබාගත් දඩ මුදල 27 කෝටි 84 ලක්ෂයකි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මේ පිලිබදව දැක්වුයේ මෙවන් අදහසකි.

"වෙළෙඳපොළ තුළ කීරි සම්මා රුපියල් 320ක මිලටත් අලෙවි කෙරෙනවා. කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 260ට වඩා වැඩියෙන් විකුණලා හසු වුණොත් සාමාන්‍ය වෙළෙන්දෙක් නම් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩයක් පනවන්න පුළුවන්. කම්පැනි ලිමිටඩ් නම් ලක්ෂ 05 සිට ලක්ෂ 50 දක්වා දඩ පැනවිය හැකියි. පොඩි ලාභයක් නිසා අමාරුවේ වැටෙන්න එපා."

වෙළෙඳසැල් තුළ මේ ආකාරයෙන් මිල වැඩියෙන් සහල් විකුණනවා නම් ජනතාවට පුළුවන් 1977 අංකයට දැනුම් දෙන්න.

ඒ අනුව නව වසරේ සහල් වැටලීම් දැඩි කර ඇති අතර ගැසට් නිවේදනයට අනුව සහල් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් වන්නේ, කීරි සම්බා රු.260/-ක්, සම්බා රු.230/-ක්, නාඩු රු.220/-ක්, රතු කැකුළු රු.210/- ක් ලෙස ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us