TIN ලබා ගැනීම තවත් පහසු කරයි. බය නොවී අංකයක් ගන්න. ලක්ෂයට වැඩිනම් විතරයි බදු - ඇමති කියයි.

Published in පුවත්
Friday, 05 January 2024 20:47

බදු ගෙවන ලද පුද්ගලයින් හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම තවත් පහසුකිරීම සඳහා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ඉදිරියේදී සලසා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

"ඕනේම වෙලාවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඒකට යොමු කිරීම තුළින් TIN අංකයක් ගන්න පුළුවන්. වඩාත් පහසු කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේක ලබාදෙන්න වැඩපිළිවෙලකුත් තියෙනවා. අපි සඳුදා මේ ගැන සාකච්ඡා කරලා, ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම බදු ගෙවීමේ බරක් පැටවෙන්නේ නෑ. බොහෝ අය බයයි නේ. මාසයක ආදායම රු ලක්ෂයකට වැඩි අයට විතරයි බද්දක් ගෙවන්න වෙන්නේ."

මේ අතර, වයස අවුරුදු 18ට වැඩි සියල්ලන්ම ජනවාරි මස පළමුවැනිදා සිට බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම අනිවාර්ය කර ඇති පසුබිමක එම අංකය ලබාගැනීම සඳහා ජනතාව අද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us