ඩෙංගු මර්දනයට වොල්බැකියා ආසදිත මදුරුවන්ගෙන් සහාය ගැනීමට පියවර

Published in පුවත්
Monday, 08 January 2024 08:20

ඩෙංගු රෝගීන් අධිකව වාර්තාවන කොළඹ ප්‍රදේශ කිහිපයක මදුරු මර්දනය සඳහා වොල්බැකියා වෛරසය ආසදිත මදුරුවන් මුදාහැරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, පර්යේෂණ මට්ටමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවයි.

දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 300 දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසුවේ ය.

මේ වන විට වොල්බැකියා ශරීරගත වූ මදුරුවන් මුදා හරින ලොව අංක එකේ නගරය වන්නේ ඕස්ට්‍රේලියාවේ කේන්ස්ය. වසර අටක් තිස්සේ එම ප්‍රදේශයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වී නොමැත. ඉන්දුනිසියාවේ යෝග්‍යකර්තාහි කළ අත්හදා බැලීමේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කර ඇත්තේ, කලින් අත්හදා බැලීම් නොකළ ප්‍රදේශයකට සාපේක්ෂ ව වොල්බැකියා රැගෙන යන මදුරුවන් මුදා හරින ප්‍රදේශවල 76%ක රෝග ව්‍යාප්තියේ අඩුවක් ඇති බව.

මේ බැක්ටී­රි­යාව ඩෙංගු මදුරු බිත්ත­ර­ව­ලට ඇතුළු කළ පසු වොල්බැ­කියා බැක්ටී­රි­යාව ශරී­ර­ගත වුණු මදු­රු­වන් බිහි වෙනවා. වොල්බැ­කියා ශරී­ර­ගත වූ මදු­රු­වන්ට ඩෙංගු වෛර­සය ව්‍යාප්ත කිරීමට හැකියාවක් පවතින්නේ නැහැ. ඩෙංගු මදුරුවාගේ ආයු කාලය කෙටි වන බවත් පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් වෛර­සය පැති­රෙන්න තිබෙන හැකි­යාව නැති වෙනවා.

මේ බැක්ටී­රි­යාව ශරී­ර­ගත වූ මදු­රු­වන්ගේ ඩෙංගු වෛර­සය වර්ධ­නය වෙන්නේ නැහැ. ඒ තුළින් ඩෙංගු මර්ද­නය කිරීමට යි ඩෙංගු මර්දන ඒකකය බලා­පො­රොත්තු වන්නේ. ඕස්ට්‍රේ­ලි­යාව 100%කින් ම ඩෙංගු පාල­නය කර තිබෙන්නේ මේ බැක්ටී­රි­යාව මදුරු බිත්ත­ර­ව­ලට ඇතුළු කිරීම තුළින් වොල්බැ­කියා බැක්ටී­රියා සහිත ඩෙංගු මදු­රු­වන් ඇති කිරී­මෙන්. සාමා­න්‍ය­යෙන් මදු­රු­වන්ගේ ආයු කාලය දින 120 - 150ක්. ඩෙංගු වෛරස් වාහක මදු­රු­වන් මාස 4කින් 5කින් මිය ගිය පසු වොල්බැ­කියා බැක්ටී­රියා ශරී­ර­ගත වූ මදු­රු­වන් බිහි වන්නේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us