ඉදිරියේදී මෙරට ජනගහණය සැලකිය යුතු ලෙස පහළට

Published in පුවත්
Monday, 08 January 2024 08:58

මෙරට ජන ගහණය ඉදිරියේ දී සැලකිය යුතු ලෙස පහළ යා හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ ප්‍රජාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසයි.

මෙරට උපත් අනුපාතය සියයට 25කින් අඩුවීම ද මීට එක් ප්‍රධාන කාරණයක් බව ද ඔහු සදහන් කරයි. එසේම ඒ සඳහා තවත් කරුණු කිහිපයක් බලපා ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ඒ අතර තරුණ ප්‍රජාව විදෙස්ගත වීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් නොඳුරේදීම මෙරට ජන සංඛ්‍යාව පහළ යා හැකි බවයි මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පැවසුවේ.

"අපේ රටේ වාර්ෂිකව සිදුවන උපත් සංඛ්‍යාව ඉතාම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතිනවා. උදාහරණයක් විදියට 2013 අප රටේ සිදුවු උපත් සංඛ්‍යාව සමඟ සංසන්දනය කෙරුවොත් 2022 දී සිදුවුණ උපත් සංඛ්‍යාව ඇත්තටම 90,000කින් පමණ අඩුවෙලා තියෙනවා. වෙනත් විදියකින් කිව්වොත් 2013 උපත් සංඛ්‍යාව සහ 2022 උපත් සංඛ්‍යාව සංසන්දනය කෙරුවොත් 25%ක අඩුවක් තියෙනවා. වාර්තා වන උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව ආසන්න වෙමින් පවතිනවා."

"අපේ රටේ විශාල වශයෙන් තරුණ ජන සංඛ්‍යාවක් විදේශගත වෙනවා. එක පැත්තකින් උපත් අඩුවෙනවා මරණ ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. ගිය අය එන්නේ නෑනේ. නුඳුරු අනාගතයේ දී අපේ ජන සංඛ්‍යාව අඩු වෙන ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා."

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us