සජබය කචල් ගොඩක

Published in පුවත්
Monday, 08 January 2024 10:05

වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සමග එක්වීමත් සමග එම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටලු මතුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය දින කිහිපය තුළ ම විපක්ෂයේ දේශපාලඥයින් මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම සමගි ජන බලවේගය හා එක්වුණි.

කෙසේවෙතත් සමගි ජන බලවේගය සමග අලුතින් එක්වන ඇතැම් පිරිස් වෙත මෙතෙක් කල් එම පක්ෂයේ රැඳීසිටි පිරිස් විසින් විරෝධයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

ඊට මුලික හේතුව වී ඇත්තේ නව මන්ත්‍රීවරුන් එක්වීමත් සමග පාර්ලිමේන්තුව නියෝජනය සඳහා පවතින තරගය උග්‍ර වීම බව සඳහන්ය.

කෙසේවෙතත් සමගි ජන බලවේගය එහි සාමාජිකත්වය ලබා දෙමින් පක්ෂය සමග එක් කරගෙන ඇත්තේ ජයරත්න හේරත්, චන්දිම වීරක්කෝඩි, ශාන් විජයලාල් සහ දයාශ්‍රිත තිසේරා යන මන්ත්‍රීවරුන් පමණක් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ, විවිධ මතවාද පැවතුනද ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට තම පක්ෂය කටයුතු කරමින් සිටින බවය.

මේ අතර නඩු විභාගයක් දැක බලාගැනීම සඳහා විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබේ.

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු විභාගයක් දැක බලා ගැනීම සඳහා ඔහු එලෙස අධිකරණයට පැමිණ සිටින බව වාර්තා වේ.

-P.M

Last modified on Monday, 08 January 2024 11:43

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us