යුක්තියට පැය 24 ක් තුළ සැකකරුවන් 955ක් හසුවේ

Published in පුවත්
Monday, 08 January 2024 10:29

යුක්තිය මෙහෙයුම යටතේ අද උදෑසන 7න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 955දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අරමුණෙන් යුක්තිය මෙහෙයුම ආරම්භ කෙරුණේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්වලට අනුවයි.

දින 20කට වැඩි කාලයක් මේ වනවිට අඛණ්ඩව යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා.

ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් ග්‍රෑම් 435ක් අයිස් ග්‍රෑම් 261ක් සහ මත්පෙති 1403ක් ද සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 39 දෙනෙකු සදහා රැදවුම් නියෝග ලබාගෙන ඇති අතර 31 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

මේ අතර යුක්ති මෙහෙයුමෙන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සුඛෝපභෝගී වාහන සහ දේපොළ රැසක් නීතිවිරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසය මඟින් තහනමට ලක්කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 450ක දේපොළ සහ ඉඩම් මෙන්ම රුපියල් ලක්ෂ 610ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී වාහන කිහිපයක් ද යුක්තිය මෙහෙයුම මඟින් සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද වාහනවල වටිනාකම පහතින් දැක්වේ.

TOYOTA LAND CRUISER PRADO වර්ගයේ ජීප් රථය
රු.ලක්ෂ 330

TOYOTA KDH වර්ගයේ වෑන් රථය
රු.ලක්ෂ 130

TOYOTA CHR වර්ගයේ කාර් රථය
රු.ලක්ෂ 76

TOYOTA AQUA වර්ගයේ කාර් රථය
රු.ලක්ෂ 64

‍BAJAJ වර්ගයේ ත්‍රී රෝද රථය
රු.ලක්ෂ 10

අත්අඩංගුවට ගන්නා ලද දේපොළවල වටිනාකම පහතින් දැක්වේ.

පර්චස් 7.5ක තලගල පිහිටි ඉඩම 
වටිනාකම -  ලක්ෂ 15යි

පර්චස් 05ක ඉඩම(මාලඹේ)
වටිනාකම - ලක්ෂ 45යි

අංක 129 රජවත්ත ටෙරස්, ජාඇල, කොටුගොඩ  පර්චස් 12.5ක ඉඩම සහ දෙමහල් නිවස 
මුළු වටිනාකම - ලක්ෂ 240යි

නිවන්දන දකුණ, ජා ඇළ ලිපිනයේ පිහිටි ඉඩම (ඉඩමෙහි ප්‍රමාණය මේ වන තුරු අණාවරනය නොවේ
වටිනාකම - ලක්ෂ150යි

-P.M

Last modified on Monday, 08 January 2024 11:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us