ජනපති දීමනා ඉහළ දැමුවත් රු.35,000 ක දීමනාවක් ඉල්ලා පරිපුරක වෛද්‍යවේදීන් අදත් වැඩ වර්ජනයක

Published in පුවත්
Tuesday, 09 January 2024 08:44

රුපියල් 35,000ක දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් අද (09) පෙරවරු 8.00 සිට පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රජයේ රෝහල්වල රසායනාගාර සේවකයින්, ඖෂධවේදීන්, විකිරණවේදීන් ඇතුළු වෘත්තීකයින් සම්බන්ධ වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.

ඔහු සඳහන් කළේ, රෝගීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන වකුගඩු රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල් සහ ළමා රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි.

මේ අතර වෛද්‍යවරුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට ඊයේ (08) කැබිනට් අනුමැතිය හිමිවිය.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, රුපියල් 35,000 ක් පැවති වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, පැමිණ සිටීමේ සහ ප්‍රවාහන දීමනාව රුපියල් 70,000 ක් දක්වා වැඩි කර ඇති බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යන දීමනාව 25% කින් ඉහළ දමා ඇත.

එම දීමනාව ජනවාරි වැටුප සමග ලබාදීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us