යුක්තියේ වැටලීම් අඛණ්ඩව -පැය 24ක් තුළ සැකකරුවන් 950ක් අත්අඩංගුවට

Published in පුවත්
Tuesday, 09 January 2024 09:27

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (08) සිට අද (09) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

සැකකරුවන් සිව්දෙනෙක් පිළිබඳව නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 28 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 68දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 296g
අයිස් 194g
ගංජා 117kg 421g
ගංජා පැල 41767ක්
අබිං 48kg 140g
මාවා 01kg 86g
තුල් 25g
මත්පෙති 223ක්
හෑෂ් 90g
මදන මෝදක ගුලි 77g

මේ අතර මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) මරදාන පොලිස් වසමේ සේරම් මාර්ගයේ සහ නොරිස් කැනල් ප්‍රදේශයේ සිදුකළ යුක්තිය මෙහෙයුමක් අතරතුර එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 580ක් සහ මුදල් රුපියල් 95,840ක් සන්තකයේ තබාගෙන සිටි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 36 හැවිරිදි පුද්ගලයෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 350ක් හා යතුරුපැදියක් සමග කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38ක පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මරදාන පොලීසිය වෙත භාර දී තිබේ.

මේ අතර දෙයියන්දර පොලිස් ස්ථානය විසින් සිදුකළ විශේෂ වැටලීමකින් දෙයියන්දර, රදාවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) සවස් කාලයේදී පොලීසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවස හා වෙළෙඳසැල පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, බෝර 12 වර්ගයේ සජීව පතොරොම් 13 හා හිස් පතරොම් 06ක් සොයාගෙන ඇත.

මීට අමතරව නීතිවිරෝධී මත්පැන් ලීටර් 05යි මිලිලීටර් 750ක්, ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 45ක්, ඇත්දළ 01ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 324ක්, හක්කපටස් 01ක්, කඩවක්, මුව අංතට්ටු 03ක්, වල් ඌරු මස් කිලෝග්‍රෑම් 04ක්, චීන පටස් 1,600ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු රදාවෙල, දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us