ශ්‍රී ලංකා – ජපාන මිතුදම ශක්තිමත් කරමින් Sunichi Sushuki අනිද්දා ලංකාවට

Published in පුවත්
Tuesday, 09 January 2024 09:48

ශ්‍රී ලංකා – ජපාන ඓතිහාසික මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් ජපාන මුදල් ඇමැති සුනිචි සුෂුකි නිල සංචාරයක් සඳහා එළැඹෙන 11 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

මුදල් ඇමැති සුනිචි සුෂුකි සිය ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති අලී සබ්‍රි හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

එහිදී පැවැත්වෙන ද්වී-පාර්ශ්වික සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජපාන මුදල් අමාත්‍යවරයෙකු මෙලෙස දිවයිනට පැමිණෙන්නේ වසර 10 කට පසුව බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි එම්.පෙරේරා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලයේ ජපාන මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ දූත කණ්ඩායම පාර්ලිමේන්තුව, ජයවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ජයවර්ධපුර රෝහල, කොළඹ තටාකාංගනය සහ මහරගම ලංකා නිපොන් බිස්ටෙක් ආයතනය යන ස්ථානවල සංචාරය කිරීමට ද නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ණය දෙන්නන් අතර ජපානයට ප්‍රධාන ස්ථානයක් හිමි වන අතර, ඒ අනුව ණය පියවීමේ කාලය දීර්ඝ කිරීම මෙන්ම පොලී අනුපාත පහත හෙළීම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මාසයේදී මූලික එකඟතාවකට එළැඹ තිබෙන බව ද, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ප්‍රගතියක් ගැනීම සඳහා වැදගත් වන බව ද ජපාන මුදල් ඇමැතිවරයා පවසා තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us