අස්වැසුම පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර

Published in පුවත්
Wednesday, 10 January 2024 11:46

පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

රාජ්‍ය බැංකු නියෝජිතයන් සමග අස්වැසුම වැඩසටහන තවදුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අදාළ ඉදිරි කටයුතු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පවුල් ලක්ෂ 20කට සහන සැලසීමේ අරමුණෙන් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ කෙරුණු අතර මේ වන විට පවුල් ලක්ෂ 14කට ඉන් ප්‍රතිලාභ හිමිවන බව සඳහන්ය.

ලැබී තිබූ ලක්ෂ 11කට අධික අභියාචනා සහ විරෝධතාවලින් 60%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සලකා බලා අවසන් කර ඇති අතර ජනවාරි මස 31 වැනිදාට පෙර එම කටයුතු අවසන් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල් සතිය තුළ අස්වැසුම සඳහා නව අයදුම්පත් කැඳවීම ආරම්භ කරන අතර එහි දී අතිරේකව ලක්ෂ 4ක පිරිසක් සුබ සාධන ප්‍රතිලාභ ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීමට නියමිත බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

a

-P.M

Last modified on Wednesday, 10 January 2024 11:56

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us