විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සුබ පණිවුඩයක්

Published in පුවත්
Wednesday, 10 January 2024 11:55

මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරි මාස 2ක තුළ වාණිජ ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය අද (10) ඉදිරිපත් කරමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

"උපයෝගීතා අංශයේ පිරිවැය නිරූපනය වන මිල සැකසුම, රජය සතු ව්‍යාපාර ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය මඟින් ක්‍රියාවට නංවනු ලැබීම, රජය මඟින් පසුගිය වසරේ හඳුන්වා දුන් වැදගත් ප්‍රතිසංස්කරණ වනවා. අනෙක් කාරණය වන්නේ ස්වෛරීත්ව ණය අර්බුදය විසඳීම සඳහා පියවර ගැනීමයි. රජය විසින් පසුගිය වසරේ අගෝස්තු - සැප්තැම්බර් කාලයේදී දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක ලෙස සම්පූර්ණ කරනු ලැබුවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සැලකූවිට නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සීම් බැංකුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණියා. ඒ අතරතුර අනෙකුත් ණය හිමියන්, වාණිජ ණය හිමියන් සමග සද්භාවයෙන් යුත් සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා. එහිදී ඉදිරි මාස දෙක තුළ හැකි ඉක්මනින් ප්‍රතිපත්තිමය එකඟතාවයට පැමිණීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා."

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us