වගාවට ලේසි වෙන්න ගොවියන්ට ඩ්‍රෝන්

Published in පුවත්
Thursday, 11 January 2024 12:06

මෙවර යල කන්නයේ දී පළමු වරට වී වගාව සදහා ඩ්‍රෝන යන්ත්‍ර උපයෝගී කරගනිමින් වගා කටයුතු සිදු කරන බව කෘෂි අමාත්‍යාංශය පවසයි..

මේ අතර කෘෂි අංශ කුසලතා සභාව විසින් වී වගාව සිදු කෙරෙන සෑම දිස්ත්‍රික්කයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඩ්‍රෝන යන්ත්‍රය බැගින් ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹා තිබේ.
මෙහි පළමු අදියර යටතේ අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, පොලොන්නරුව, වව්නියාව හා අම්පාර දිස්ත්‍රික්ක සඳහා ඩ්‍රෝන යන්ත්‍ර 100ක් ලබා දෙන බව කෘෂි අංශ කුසලතා සභාවේ සභාපති කාවින්ද දිසානායක පැවසීය.
දෙවන අදියර යටතේ වී වගා කරන සෑම දිස්ත්‍රික්කයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන 563ටම ඩ්‍රෝන යන්ත්‍රයක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි ද දිසානායක කීය.
රුපියල් ලක්ෂ 70ක් පමණ වන මෙම ඩ්‍රෝන යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් පළිබෝධ නාශක ඉසීම, පොහොර ඉසීම, වී වැපිරීම, කුඹුරු මැනීම මෙන්ම රෝග හඳුනාගැනීම ද සිදු කළ හැකි බව කෘෂි අංශ කුසලතා සභාව විසින් පවසයි.

කෙසේ වෙතත්  අඩු පිරිවැයකින් එම කටයුතු ඉටු කර ගැනීමට හැකිවීම ගොවීන්ට වාසිදායක බව එම සභාව සදහන්ෂි කරයි.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us