අඛණ්ඩ ආර්ථික වර්ධනයක් වෙනවා..ලෝක බැංකුව පුරෝකතනය කරයි

Published in පුවත්
Thursday, 11 January 2024 12:22

2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.7 කින් සහ 2025 දී සියයට 2.4 කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරන බව ඊයේ නිකුත්කළ  ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ වාර්තාව පෙන්වා දෙයි.

ලෝක බැංකුවට, 2023 දී රටේ ආර්ථිකය සියයට 3.8 ක සෘණ වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබිණි.

2022-2023 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ද පහත වැටී ඇතැයි ඇස්තමේන්තු කර ඇතත්, ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතියක් ලබා ඇති බව ලෝක බැංකුව පවසයි.

කෙසේ වෙතත්, විශේෂයෙන්ම පුද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා මධ්‍යයේ ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරි දැක්ම අවිනිශ්චිතව පවතින බව එහි සඳහන් වේ. මේ අතර ණය ප්‍රතිව්‍යුගත කිරීම පිළිබඳ කටයුත් ඉදිරි මාස දෙක තුළදී අවසන් වෙනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා පසුගියදා පවසා තිබිණි. ඒ අනුව එම කටයුත් අවසන් වීමෙන් පසුව පුද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පියවරයන් ගැනීම සිදුවෙනු ඇත.

දකුණු ආසියාවේ වර්ධන වේගය 2023 දී සියයට 5.7 දක්වා සුළු වශයෙන් අඩු වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇතත් එය නැගී එන වෙලඳපොලවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික කලාප අතර වේගවත්ම බව ලෝක බැංකුව පවසයි.

Last modified on Thursday, 11 January 2024 12:25

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us