යුක්තිය සාර්ථකයි, කොස්තාපල්වරයෙකුත් දැලේ

Published in පුවත්
Thursday, 11 January 2024 12:35

2024.01.10 දින පැය 0030 සිට 2024.01.11 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත. 

හෙරොයින්  295g 500mg

අයිස් 685 g  930mg         

ගංජා 72 kg 970g               

අබිං 6g 400mg

ගංජා පැල 2113 ක්         

ගංජා සුරුට්ටු 05 ක්

මාවා 361g 400 mg            

තුල් 21g 500mg

මත්පෙති 665 ක්                 

ඈෂ් 8g

මදනමෝදක 61g 

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 23 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. 

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 31 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත

ඒ අතරම යුක්තිය මෙහෙයුම අතරතුර සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්තඅඩංගුවට ගෙන ඇත්තේ යුක්ති මෙහෙයුමට සමගාමීව 2024.01.10.වන දින ත්‍රීකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්ධන ඒකකය මගින් සිදුකරන ලද වැටලීමකදීය.

කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් 99067 එම්. අභිමාන් නිලධාරියා අයිස් මත්ද්‍රව්‍ය 50g ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා 2021.09.01 දින පොලිස් සේවයට බැදි මුලික පුහුණුව හදාරා කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි සිදුකර ඇති අතර, නිලධාරියා නිවාඩු ලබා පිටව ගොස් අසනීප බවට දන්වා සේවයට වාර්තා නොකර සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us