අද සිට වැසි තත්වයේ අඩුවීමක්

Published in පුවත්
Friday, 12 January 2024 08:35

උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට වැසි තත්ත්වය අද (12) සිට අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකාරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් සඳහන් කළේ, පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු වසා දැමූ බවයි.

කෙසේ නමුත් ජල ගැලීම් හේතුවෙන් පොළොන්නරුව – මඩකලපුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් තවදුරටත් වසා දමා තිබේ.

අධික වැසි හේතුවෙන් පසුගිය දිනවල ඇති වූ ගංවතුර හා නාය යෑම්වලින් දිස්ත්‍රික්ක කිහිපයක මේ වනවිට පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 109,635 ක්ය.

වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයටයි.

එහි පවුල් 1198ක, පුද්ගලයින් 3773 දෙනෙකු අවතැන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 8 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ අද පස්වරුව දක්වා දීර්ඝ කෙරුණි.

බදුල්ල, ගාල්ල, මහනුවර, මාතලේ, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us