වායු ගුණාත්මකභාවය පහළට. ශ්වසන රෝගීන් සැලකිල්ලෙන් සිටින්නැයි උපදෙස්

Published in පුවත්
Tuesday, 16 January 2024 08:57

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඒ අනුව කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි එම අධිකාරිය පවසන්නේ.

මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති රෝගීන් මෙන්ම ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

"මෙයට හේතුවෙලා තියෙන්නේ, අප දිවයින හරහා ගමන් කරන වායු ධාරා විශේෂයෙන්ම වෙනත් රටවල භාහිර කලාපවලින්, බෙංගාල බොක්ක වගේ ප්‍රදේශවලින් පැමිණෙන සුළං ධාරා හේතුවෙන්. එම සුළං ධාරා සමග පැමිණෙන නොයෙකුත් ආකාරයේ වායු දුෂණකාරක හේතුවෙන් දිවයිනේ වාතයේ ගුණාත්මකභාවය අඩුවීමට බලපාලා තියෙනවා. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් ඉතාම සුළු වශයෙන් එම ප්‍රදේශවල සිටින ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් ඇති වෙන්න පුළුවන් අවම වශයෙන්. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ජීවත් වන යම් ආකාරයක පෙනහළු ආශ්‍රිත ආබාධ පවතින ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් යම්කිසි ආකාරයකට පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම මුව ආවරණ පලඳිනවා නම් සෞඛ්‍ය ආරක්ෂා කරගත හැකියි. මෙම තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් පහවී තව දින කිහිපයකින් යථාතත්ත්වයට පත්වෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙහිදී අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා වායුගෝලයේ තත්ත්වය පිළිබඳ අවධානයකින් ඉන්න කියලා."

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us