පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසන් කිරීම 24 වනදා

Published in පුවත්
Tuesday, 16 January 2024 09:09

‍09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කිරීම මෙම මස 24 වනදා සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙබරවාරි මස 07 වනදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව මෙම මස 23 සහ 24 යන දිනවල අවසන් වරට රැස්වීමට නියමිතව තිබේ.

මෙම මස 25 වන බ්‍රහස්පතින්දා දිනයේ පොහොය නිවාඩුව යෙදී ඇති බැවින් එම සතියේ දින දෙකක් පමණක් පාර්ලිමේන්තුව රැස්වනු ඇත.

ඒ අනුව 24 වනදා මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා නිකුත් කරනු ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වන අතර ඒ අනුව එම කාරක සභා සියල්ල යළි පිහිටුවීමට නියමිතව තිබේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභාව සහ විශේෂ කාරක සභා පමණක් වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි නොවන බව සඳහන්ය.

පාර්ලිමේන්තුව අවසන් වරට පසුගිය වසරේ ජනවාරි මස 27 වනදා වාර අවසාන කෙරුණු අතර එලෙස අවසන් කෙරු‍ණේ 09වන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරයයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us