සිරමැදිරිවල වාට්ටු ධාරිතාව ඉක්මවයි

Published in පුවත්
Tuesday, 16 January 2024 09:25

බන්ධනාගාර සිරමැදිරිවල වාට්ටු ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව රැඳවියන්ගේ ප්‍රතිශතය 232%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රැඳවියන් නඩත්තු කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බව ද එම වාර්තාවේ සඳහන් වේ.

බන්ධනාගාර 27ක වැසිකිළි 187ක හිඟයක් පවතින අතර දැනට පවතින වැසිකිළිවලින් 287ක් අලුත්වැඩියා කළයුතු තත්ත්වයේ පවතිනු ඇත.

බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණ ද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 1,795 දෙනෙකු බන්ධනාගාර ගතව සිටින සිටින බව එම වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම බන්ධනාගාර දෙකක 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා ඇති වූ විවිධ ගැටලු හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් විනාශ වී ඇති බව ද බන්ධනාගාරවල පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us