මෙරට වාර්ෂික අඹ අස්වැන්න මිලියන 250 ඉක්මවයි

Published in පුවත්
Tuesday, 16 January 2024 11:23

මෙරට වාර්ෂික අඹ අස්වැන්න ප්‍රමාණයෙන් ගෙඩි මිලියන 250ක් ඉක්මවමින් 2023/2024 වාර්ෂික අඹ වාරයේ අස්වැන්න වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය.

TEJC අඹ කිලෝවක් රුපියල් 800ත් 1000ත් අතර මට්ටමක පැවතියත් මේ වාර්තාගත අඹ අස්වැන්න නිසා මේ වන විට වෙළෙඳ පොළේ TEJC අඹ කිලෝවක මිල රුපියල් 400ත් 500ත් අතර මිලක් දක්වා පහත වැටී ඇත.

මෙම අස්වැන්න ඉහළ යෑමට හේතුවී ඇතෙයි පවසන්නේ පසුගිය වර්ෂයේ (2023) පැවති දීර්ඝ කාලීන වියළි කාලගුණය මෙන්ම පසුව ඇති වූ වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

මේ වන විට දිවයින පුරා අක්කර දහස් ගණනක මේ අඹ වගා කරන අතර, විශේෂයෙන් අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරන TEJC අඹ ප්‍රභේදය අසීමාන්තිකව වගා කිරීමෙන් සිදු වන මිල පහළ යෑමෙන් නිෂ්පාදනය අඩාළ විය හැකි බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

එම නිසා අඹ වගාව තවදුරටත් ව්‍යාප්ත කළ යුතුද යන්න සම්බන්ධව තමන්ට විද්‍යාත්මක වාර්තාවක් දෙන ලෙස ඇමැතිවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනයේ දත්ත අනුව සාමාන්‍යයෙන් මෙරට වගා කෙරෙන සියලුම අඹ ප්‍රභේදවල වාර්ෂික අඹ අස්වැන්න ගෙඩි මිලියන 250ක් පමණ වේ.

නමුත් 2023/2024 අඹ වාරයේ එම ප්‍රමාණය ඉක්මවා ගිය අස්වැන්නක් ලැබී ඇතැයි දැනට සිදු කර තිබෙන දත්ත එක්රැස් කිරීමෙන් තහවුරුවී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us