වර්ෂාව හේතුවෙන් එළවලු මිළ අහස උසට නගී

Published in පුවත්
Tuesday, 16 January 2024 11:37

එළවලු මිළ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වෙළද සංගමය පවසයි.

මාස තුන හතරක් තිස්සේ නොකඩවා ඇද හැලෙන වර්ෂාව නිසා එළවළු වගාවන් විනාශවිම මෙම තත්වයට හේතුවි ඇතැයි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල්සෙනෙවිරත්න පැවසිය.

ඒ අනුව අනුරාධපුර මහජන පොලේදි කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි කෙරැණි. ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගනන්ද ඉහළ ගොස් තිබුණි.

එළවළු මිල ගනන් ඉතා ඉහළ යාමේ හේතුවෙන් අනුරාධපුර මහජන පොලට පැමිණි පාරිභෝගියන් විශාල පිරිසක් එළවළු මිලදි ගැනිමෙන් වැලකි සිටියහ.

වෙනත් දිනවල අනුරාධපුර මහජන පොලට විශාල පාරිභෝගයන් පිරිසක් පැමිණියද මේ දිනවල පොලට පැමිණෙන වෙළෙන්දන්ගේ මෙන්ම පාරිභෝගියන්ගේද විශාල අඩුවිමක්ද දක්නට ලැබුණි.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද කැරැට් කිලෝවක තොග මිල රැපියල් 1500.00 ක් බවත් එහි සිල්ලර මිල රැපියල් 1700.00 ක් වන බවයි සදහන් වන්නේ.

බෝංචි කිලෝවක තොග මිල රැපියල් 1,000.00 සිල්ලර මිල 1,400.00 ,අමුමිරිස් කිලෝවක තොග මිල රැපියල් 1,000.00 ක්ද එහි සිල්ලර මිල කිලෝව රැපියල් 1,300.00 ක් වශයෙන් ඉහළ ගොස් ඇත.

 -P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us