කලුතර පාසල් හයක් මතට ලොල් වෙයි

Published in පුවත්
Thursday, 18 January 2024 13:46

කළුතර පොලිස් කොට්ඨාස තුළ බහුලව මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමුන් ඉගෙනුම ලබන පාසල් හයක් කළුතර බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බව කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ පවසයි.

හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ


"එම හදුනාගත් පාසල් අතර ජනප්‍රිය පාසල්ද ඇතුළත්, ඒවායේ නම් සඳහන් කිරීම පාසල්වල කීර්ති නාමයට හානියක්. විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් දැනුවත් කළා. මේ වනවිට පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට පෙළඹිලා. මේ මත් උවඳුරෙන් පාසල් ළමුන් ගලවාගැනීමට අපි විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය මාසයක කාලය තුළ දී ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම් කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 17ක් කේන්ද්‍ර කරගනිමින් සිදුකළා. යුක්තිය මෙහෙයුම නිසා සමස්තයක් වශයෙන් කළුතර මත්කුඩු ව්‍යාප්තිය අඩුවෙලා..." යනුවෙනි.

කළුතර කොට්ඨාසයේ 2023 වර්ෂයේ හෙරෝයින් සම්බන්ධ නඩු 1,334ක්, අයිස් පිළිබඳ නඩු 904ක්, මත්පැන් නඩු 5,880ක් ඇතුළුව නඩු 10,586ක් පනවා තිබේ.


පොඩි අය පමණක් නොව මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ තෝරු මෝරු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස කමිටුවේ රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙහිදී අදහස් දැක්වීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us