සෑම නිවසකම සාමාජික තොරතුරු පොලිසියට

Published in පුවත්
Friday, 19 January 2024 11:04

ඡන්ද හිමි නාමලේඛනය අනුව සෑම ගෘහයකම සිටින සාමාජිකයන්ගේ විස්තර පොලිසිය වෙත ලබාගැනීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පැවැසීය.

යම් පුද්ගලයකු පදිංචි අතහැර යන්නේ නම් හෝ අලුතින් නිවෙසකට පදිංචියට පැමිණෙන්නේ නම් එම පුද්ගලයන්ගේ තොරතුරු සියල්ල ප්‍රජා පොලිස් කමිටු මගින් පොලිසියේ වාර්තා විය යුතු බව පොලිස්පතිවරයා කීය.

මේ අතර ළමා හා කාන්තා කාර්යාංශයේ අයි මැක් නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ පමණක් බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් සමජ ජාලවලට මුදා හැර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් කීය.

ඒ අනුව එවැනි අසභ්‍ය වීඩියෝ පට සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් පිළිබදව විමර්ශන ආරම්භවී තිබෙන අතර ඒ සෑම වීඩියෝවක් සම්බන්ධවම විමර්ශනය කර ඒවා සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙම වසර තුළදී සිදුකරන බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවැසීය

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us