මළසිරුරින් ගසා කෑ සරප් නිලධාරිනිය අධිකරණයට

Published in පුවත්
Friday, 19 January 2024 12:04

මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන ආදාහනාගාරයේ මළ සිරුරු ආදානය කිරීම සඳහා එක් සිරුරකින් රුපියල් 5000 වැඩිපුර මුදලක් සටහන් කර රුපියල් 5,50,000 මුදලක් වංචා කළ මාතලේ මහ නගර සභාවේ සරප් නිලධාරිනිය මෙම මස (30) වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතලේ දිසා මහේස්ත්‍රාත් අර්. පී. කේ. එන්. එන් කොත්ගේ නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේ මාතලේ මහනගර සභාවේ සරප් නිලධාරිනිය ලෙස සේවය කළ නයනා ප්‍රියදර්ශනී නැමති කාන්තාවකි.

මාතලේ මහ නගර සභාවේ සරප්වරිය මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා මහා නගර සභා සීමාව තුළ පදිංචිකරුවකුගෙන් නම් රුපියල් 20,000ක් අය කිරීමට හා මහ නගර සභා සීමාවෙන් පිටත මෘත දේහයක් සඳහා රුපියල් 25,000ක මුදලක් අය කිරීමට මහ නගර සභාව තීරණය කර ඇති නමුත් මාතලේ මහ නගර සභා සීමාව තුළ මෘත දේහයක් ආදානය කිරීමට රුපියල් 25,000 බැගින් බිල්පත් ව්‍යාජ ලෙස වෙනස් කරමින් මෙසේ එක් මළසිරුරකින් රුපියල් 5000 බැගින් ලබාගෙන ඇතැයි අධිකරණයේදී කියැවිණි.

ඒ අනුව රුපියල් 5,50,000 ක මුදලක් වංචා කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව 1982/අංක 12 පොදු දේපළ පනත යටතේ අදාළ කාන්තාව කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Last modified on Friday, 19 January 2024 12:35

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us