දෙසැම්බර් මාසයේ දී උද්ධමනය ඉහළ ගිහින්

Published in පුවත්
Monday, 22 January 2024 19:52

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ 2.8% සිට 2023 දෙසැම්බර් මාසයේ දී 4.2% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

එහිදී 2023 නොවැම්බර් මාසයේ දී -2.2% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ දී 1.6% ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර 2023 නොවැම්බර් මාසයේ දී 7.1% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 6.3% ක් දක්වා අඩු වී තිබේ.

වැට් බදු වැඩිවීම මත උද්ධමනය ඉහළ යෑම්ක සිදු විය හැකි බවට මහ බැංකුව මීට පෙර පුරෝකතනය කර තිබිනි. කෙසේ නමුත් එය 5% ඉක්මවා නොයන මට්ටමට පාලනය කරන බවත් ප්‍රකාශකර තිබිණි.

2022 වසරේ නොවැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 65% ක්ද දෙසැම්බරයෙදී 59.20 % ද පැවැතිනි. එම වසරේ සැප්තැම්බර් මස ඉහළම වර්ධනය වාර්ථා කරමින් 73.70% විය.

NCPIInfo2023E1 1

Last modified on Monday, 22 January 2024 19:53

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us