උද්ධමනයේ තාවකාලික ඉහළ යාමක්

Published in පුවත්
Tuesday, 23 January 2024 18:55

2024 ජනවාරි මාසය තුළ දී උද්ධමනය 7% ක මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

විශේෂයෙන්ම VAT බදු වැඩිවීම සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සැපයුම් අංශයට සිදුවූ බලපෑම මත මෙලෙස උද්ධමනයේ ඉහළ යාමක් සිදුවිය හැකි බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අද (23) පෙරවරුවේ දී ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව පැවසීය.

කෙසේවෙතත් කෙටිකාලීනව බලපෑ ඇති කාලගුණික තත්ත්වයන් මේ වන විට ස්ථාවර වෙමින් පවතින බවත්, එය තාවකාලික වැඩිවීමක් පමණක් බවත් අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉදිරියේ දී මහ බැංකුවේ අපේක්ෂිත උද්ධමන ඉලක්කය වන 5% මට්ටමේ, එනම් 4% - 6% පරාසය තුළ සාමාන්‍ය වශයෙන් තබා ගැනීමට හැකිවනු ඇති බව විශ්වාස කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 දෙසැම්බර් මාසයේ උද්ධමනය 4.0% ක් ලෙසින් සටහන් වන අතර ජාතික පාරිභෝගික ම්ල දර්ශකයට අනුව 2023 දෙසැම්බර් මාසයේ උද්ධමනය 4.2% ක් ලෙසින් වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us