ජනපතිගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙල හරහා මෙරට ගැන ජාත්‍යන්තරයේ විශ්වාසයක්...

Published in පුවත්
Tuesday, 23 January 2024 23:27

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරම්භ කළ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තරය තුළ විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකිවී තිබෙන බව ජාතික  ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නාය ප්‍රකාශ කළේ ය.

මූල්‍ය, නීති හා පාලන අංශවල ප්‍රතිසංස්කරණ සිදු කරමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා නව ආර්ථික දැක්මකින් යුතුව ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටන බවද ඔහු පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මෙම අදහස් පළ කර සිටියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (23) පැවති "2024 අයවැය" සම්මන්ත්‍රණයට එක්වෙමිනි. මෙම සම්මන්ත්‍රණය ජනාධිපති වෘත්තිය සමිති සබඳතා අංශය විසින් සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාව බලශක්ති අපනයනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබෙන බවද  සාගල රත්නායක මෙහි දී සදහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට බාර ගන්නා අවස්ථාවේ රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වගේම  පැය ගණන් විදුලි කප්පාදුවක් ද තිබුණා.  එවකට ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය ආදායම  බිඳවැටීම, වැරදි කෘෂි ප්‍රතිපත්තිය, බදු ගොනු අවම කිරීම වැනි සාධක එම ආර්ථික අර්බුදය සඳහා බලපෑවා.  කොවිඩ් වසංගතය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම නිසා ලැබුණු විදේශ විනියමයත් අහිමි වුණා. ඉන් පසුව පැවති අරගලය නිසා ද ආර්ථික බිඳවැටීම උච්චතම අවස්ථාවට පැමිණියා. මේ නිසා ජීවන වියදම ඉහළ ගියා. ජනතාවට රැකියා අවස්ථා අහිමි වුණා. වත්මන් ජනාධිපතිවරයා රට භාර ගත්තේ මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීයි.

එතුමා කෘෂි ප්‍රතිපත්තිය වෙනස් කර සහල් නිෂ්පාදනය වැඩි කළා. එමඟින් ආහාර හිඟය අවම කර ගැනීමට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමේ නව වැඩපිළිවෙළට එකඟ වුණා. ඒ අනුව මූල්‍ය ප්‍රතිසංස්කරණ, නීති ප්‍රතිසංස්කරණ හා පාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට කටයුතු කළා. ඒ මඟින් රටේ ආර්ථිකය වේගයෙන් ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළකට රජය අවතීර්ණ වුණා. නව බදු පැනවීම නිසා ජනතාවට යම් පීඩනයක් ඇති වී තිබෙන බව පිළිගත යුතුයි. නමුත් එම  ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසයක් ඇතිව තිබෙනවා.

මීට අමතරව සංචාරක කර්මාන්තය ගොඩනැඟීම සඳහා නව ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනැවිත් තිබෙනවා. මෙම ආර්ථික වැඩසටහන තුළින් ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති කිරීමට හැකියාව ලැබුණා. 2022 දී  ඩොලර් බිලියන 2.1 ක්ව තිබුණු විදේශ සංචිත ප්‍රමාණය අද වන විට ඩොලර් බිලියන 4.5 දක්වා වැඩි කර ගැනීමට සමත්ව තිබෙනවා.

2022 දී 77%ක් වූ උද්ධමනය අද වන විට 4% ක් දක්වා අඩු කර ගැනීමට රජය සමත් වී තිබෙනවා. රාජ්‍යයක් පවත්වාගෙන යාමට නම් එහි රාජ්‍ය ආදායම  දළ දේශීය  නිෂ්පාදනයෙන් 16% ක් පමණ තිබිය යුතුයි.  2023 වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා දළ දේශීය  නිෂ්පාදනයෙන් 11%ක පමණ රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට හැකි වුණා .

රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම තුළින් ආර්ථිකය ස්ථායිකරණය කිරීමට හැකියාව තිබෙනවා. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවල බදු ආදායම් ජාලයක් සකස් කිරීම මඟින් රාජ්‍ය ආදායම  ක්‍රමවත්ව වර්ධනය කළ හැකියි. ඒ සඳහා සැලසුම් මේ වනවිටත් සකස් කර තිබෙනවා. මෙම ආර්ථික වැඩපිළිවෙළ ඉදිරි වසරක කාලය ක්‍රියාත්මක කළහොත් සමස්ත ජනතාවට සහන ලබා දිය හැකියි. මේ පවතින තත්ත්වය යටතේද 2024 අයවැය ලේඛනයේ සංවර්ධනාත්මක යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ගොවි ජනතාවට ඉඩම් සින්නක්කරව ලබාදීම මෙන්ම නාගරික ජනතාවට නිවාස අයිතිය ලබාදීමට ද යෝජනා කර තිබෙනවා. අස්වැසුම සඳහා විශාල මුදලක් වෙන්කර තිබෙනවා.  කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය නවීකරණයට ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාව තුළ  පුනර්ජනනීය බලශක්තිය ගිගාවොට් 80ක්  නිපදවිය හැකි බවට ගණන් බලා තිබෙනවා.  2050 වන විටත් ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ  ගිගාවොට් 15ක් පමණයි. එම නිසා පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කර, ශ්‍රී ලංකාව බලශක්ති අපනයනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටත් සැලසුම් සකස් කර තිබෙනවා. ග්‍රීන් හයිඩ්‍රිජන් නිෂ්පාදනය කර ජාතික ආර්ථිකයට ආදායම් උත්පාදනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. මෙම සියලු කාරණා හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ආර්ථික වශයෙන් ශක්තිමත්ව ඔසවා තබීමට හැකියාව තිබෙනවා.  යනුවෙනි.

sagala 1

sagala 2

sagala 3

Last modified on Tuesday, 23 January 2024 23:35

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us