ශ්‍රීපාද වන්දනාවේ ගිය මව සහ පියා අත්අඩංගුවට

Published in පුවත්
Thursday, 25 January 2024 12:07

අවුරුදු අට, පහ සහ තුන යන වයස්වල පසුවෙන දරුවන් තිදෙනා නිවෙසෙහි තනි කර දමා බාරයක් ඔප්පු කිරීමට යැයි පවසා ශ්‍රීපාද වන්දනාවේ ගිය මව සහ පියා අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය සඳහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දීගල්ල, එලතලව ප්‍රදේශයේ යුවළකි.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව අදාළ නිවෙස පරීක්ෂාව සඳහා ගිය නිලධාරීන්ට දක්නට ලැබී ඇත්තේ දොරගුලු දමා තිබූ නිවෙස පමණි.

පසුව කළ සොයා බැලීමේදී තහවුරු කර ගැනීමට හැකිව ඇත්තේ දරුවන් තිදෙනකු එම නිවෙස තුළ සිටින බවය.

එම දරුවන් තිදෙනා ඒ වන විටත් උණ රෝගයෙන් පෙළෙමින් සිටි බව විමර්ශන සඳහා ගිය නිලධාරීන්ට අනාවරණය වී තිබිණි.

එම නිසා දරුවන් තිදෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

පාන්, බිස්කට් ආදී ක්ෂණික ආහාර වර්ග නිවෙසට ගෙනැවිත් දී මෙම යුවළ තවත් පිරිසක් සමග වන්දනාවේ ගොස් ඇතැයි පොලීසිය කළ මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

වන්දනා ගමන නිමවී පැමිණි මවුපියෝ වහා අත්අඩංගුවට ගෙන තිබූ අතර රෝහල් ගතව සාංකාවෙන් පසුවන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දරුවන්ගේ මව එම ස්ථානයේ රඳවා තිබිණි.

සිද්ධියට අදාළ සැකකාර පියා හා මව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කුලියාපිටිය පොලීසිය පවසයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us