රුසියානුවන් බුරුතු පිටින් ලංකාවට එනවාලු

Published in පුවත්
Friday, 26 January 2024 21:33

ලබන පෙබරවාරි මාසය වන විට ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රට බවට රුසියාව පත්වනු ඇති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියානු තානාපති අතර හමුවක් අද(26) හිටපු ජනපති නිල නිවසේදී පැවැති අවස්ථාවේදීය.

දැනට මෙරට පවතින දේශපාලන තත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන තත්වය පිළිබඳවත් රටවල් දෙක අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳවත් එහිදි සාකච්ඡා කෙරිණි.

රුසියානු රාජ්‍යයේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂාකරන බවත් එසේම ඉදිරියටත් දෙරට අතර සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක රුසියාව ලබාදුන් සහය පිළිබඳව තමන් කෘතවේදී වන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබා දීම සම්බන්ධයෙන් රුසියානු තානාපතිතුමාට ස්තුතිය පළ කරන බවත් ඔහු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us