චීන ගෙවල් ව්‍යාපෘතිය කඩිනම් කෙරේ

Published in පුවත්
Sunday, 28 January 2024 08:48

අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මාර්තු මස මුලදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කීය. ඊට පෙර මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු චීන රජයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර අවසන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදීය.

වසර තුනක් ඇතුලත ඉදි කෙරෙන මෙම නිවාස 1,996 න් නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක් කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන් කෙරේ.

ඒ අනුව පෑලියගොඩ දුටුගැමුණු පාර නිවාස 615ක්, දෙමටගොඩ එළුමඩුව වත්ත නිවාස 586 ක්, මොරටුව බැටරි වත්ත, නිවාස 575 ක්, මහරගම අඹවත්ත නිවාස 112 ක් සහ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108ක් වශයෙන් ඉදි කෙරෙන අතර කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සදහා වෙන් කරන්නේ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108 බව අමාත්‍යාංශය කියයි.

චීන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබාදෙන අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 24.48කි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us