සංචාරක ව්‍යාපාරය නව්‍යකරණයට හමුදාවත් එක්වේ  

Published in පුවත්
Sunday, 28 January 2024 09:30

සංචාරක ව්‍යාපාරයට නව අත්දැකීම් රැසක් එක් කිරීම වෙනුවෙන් නව යෝජනා රැසක් සමඟ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් හමුවී තිබේ.

එහිදී පොලිසිය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ගුවන් හමුදාව දිවයින තුළ අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි කිරීම, නාවික හමුදාවේ සහභාගීත්වයෙන් සමුද්‍ර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සහ හමුදාවේ සහභාගීත්වයෙන් ජීවිතාරක්ෂක වැඩසටහනක් ආරම්භ කිරීම ඊට ඇතුළත් ය.

ශ්‍රී ලංකාව මෙරට ප්‍රධාන විදේශ විනිමය ප්‍රභවයක් වන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි උනන්දුවෙන් අවධානය යොමු කරනමුත් එහිදී අතිශය වැදගත් යටිතල පහසුකම් නොමැති කමින් ගැටළු වලට මුහුණ දී ඇත. කෙසේ වුවද, මේ වන විට ඒ සියල්ල සම්පූර්ණ කර ගැනීම ගැන රජයේ අවධානය යොමුව පවතී.

ශ්‍රී ලංකාව මුහුදෙන් වටවී තිබුණද, දේශීය යාත්‍රා සංස්කෘතියක් (domestic yacht culture) හෝ ලයිව්බෝඩ් කිමිදුම් කෲස් (liveaboard diving cruises) වැනි යාත්‍රා මත පදනම් වූ සංචාරක ක්‍රියාකාරකම් නොමැත. එසේම මුහුද හා වෙරළ ආශ්‍රිතව ආරම්බ කළ හැකි තවත් සංචාරක ආකර්ෂණ ක්‍රියාකාරකම් වෙනුවෙන් විශාල අවස්ථාවන් මෙරටට ඇත.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, යාත්‍රාවල විවේක කටයුතු(leisure activities on yachts) ඇතුළු සමුද්‍ර සංචාරක (marine tourism) ව්‍යාපාරයට ඇති බාධක ඉවත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව කළමනාකාර අධ්‍යක්ෂ නලින් පෙරේරා මහතා පසුගියදා පැවසීය.

2023 වසරේ රටේ සංචාරක ආදායම පෙර වසරේ ඩොලර් බිලියන 1.1 සිට ඩොලර් බිලියන 2.1 දක්වා සියයට 80 කින් ඉහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us