මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටින ලාංකීය ධීවරයින් මුදා ගැනීමට සාකච්ඡා

Published in පුවත්
Monday, 29 January 2024 09:54

මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටින ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ ධීවරයින් ආරක්ෂිතව මුදා ගැනීම සඳහා සෝමාලියානු නාවික හමුදාව සමග සාකච්ඡා කරමින් ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වී කන්නනාදන් පැවසුවේ, ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති සේවයේ නිළධාරින් සමග එක්ව සෝමාලියාවේ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් අබ්දිවර්සමේ ඔස්මාන් සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි.

යුරෝපා සංගමයේ නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුම් මධ්යස්ථානය හරහා එම ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව මුදාගැනීමට හැකිවනු ඇතැයි සෝමාලියානු නාවික හමුදා ප්රධානියා පැවසූ බවද කෙන්යාවේ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.

පැහැර ගැනුනු ශ්‍රී ලංකා ධීවරයින් කඩිනමින් මුදා ගැනීම සඳහා, සෝමාලියානු රජය කැපවී සිටින බව ද එරට බළදාරීන් පවසා ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.

සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැරගත් ශ්‍රී ලාංකික ධිවරයින් මුදා ගැනීමට සහය දෙන්නැයි තවත් මෙරට තානාපතිවරුන් රැසක් සෝමාලියානු බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

අප්‍රිකානු කලාපයේ ශ්‍රී ලංකා තානාපතිවරුන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලාංකික ධිවරයින් සමග බහුදින යාත්‍රාව මුදා ගැනීම සඳහා මැදිහත් වන ලෙසයි.

මේ අතර, සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගත් බහු දින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්නැයි බහරේනයේ පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ ය.

රටවල් 39 ක් සාමාජිකත්වය දරන බහරේනයේ ඒකාබද්ධ සමුද්‍රීය බලකාය, නාවික යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයකි.

ඊට අමතරව නාවික තාක්ෂණයෙන් බලවත් රටවලට ද ඒ පිළිබඳව දැනුම්දී ඇතැයි ශ්‍රි ලංකා නාවික හමුදාව සඳහන් කළේ ය.

දික්ඕවිට වරායෙන් පසුගිය 12 වැනිදා මුහුදු ගිය ලොරෙන්සෝ පුතා 4 නමැති යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන ඇතැයි තොරතුරු වාර්තා විය

ඒ, සීෂේල්ස් රාජ්‍යය ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ය.

යාත්‍රාවේ සිටි ලාංකික ධිවරයින් ගණන 06 කි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us