රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද ලෙඩින්

Published in පුවත්
Monday, 29 January 2024 10:30

රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භකර ඇති අතර අද දිනයේ දී රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සමුළුවක් පවත්වන බව එම කමිටුවේ සභාපති එච්.එල්.ඒ උදයසිරි පැවසුවේය.

"අද දවසේ රජයේ විධායක නිලධාරීන් ඒකාබද්ධ කමිටුව නියෝජනය කරමින්, මේ රටේ දීපව්‍යාප්ත සේවා සහ සමාන්තර, දෙපාර්තමේන්තු ගත සේවා, විධායක නිලධාරීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න තීරණය කළා. අද මේ රටේ දීපව්‍යාප්ත සේවා ලෙස සැලකෙන හිමිකරු සේවය, අධ්‍යාපන පරිපාලන සේවය විද්‍යාත්මක සේවය, ආයුර්වේද වෛද්‍ය සේවය, මේ රටේ මිනින්දෝරු සේවය ඇතුළු දෙපාර්තමේන්තු සේවා නියෝජනය කරමින් විධායක නිලධාරින් කොළඹට රැස්වෙලා සමුළුවක් පවත්වනවා..."

විධායක සේවයේ නිලධාරීන්ගේ නොවිසිඳුනු වෘත්තීය ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සභාපති එච්.එල්.ඒ උදයසිරි සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us