මොන ජාත්‍යන්තර බලපෑම් ආවත් යුක්තිය අකුරට - ඇමති ටිරාන් කියයි

Published in පුවත්
Monday, 29 January 2024 11:40

යුක්තිය මෙහෙයුමට ජාත්‍යන්තරය බලපෑම් කළත් එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්,

“යුනිෆෝම් ඇඳන් ඉන්නවා නම් කවුරුහරි ගැහුවොත් ගහන්න ඕන. නැත්නම් යුනිෆෝම් එකෙන් වැඩක් නැහැ. දැඩි තීරණ ගන්න වුණා. ඒ හයිය මම දුන්නේ ජනපති මට හයිය දුන් නිසයි. යුක්තිය අරඹා මේ රට සුද්ද කරන්න හිතුවා.යූටියුබ්කාරයෝ ඉන්නවා කුඩ්ඩොන්ගේ සල්ලිවලින් ජීවත්වන. ඔවුන්ව දාලා අපිට පහරදෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්තිය නවත්වන්න කිව්වා. අපේ රටේ අපි ක්‍රියාත්මක වන්නේ අපිට ඕන විදියට ජාත්‍යන්තරයට ඕන විදියට මම වැඩ කරන්නේ නැහැ.”

“පාතාලයේ නඩුවලට කතා කරන නීතිඥයෝ ඉන්නවා. පාතලයෙන් මිලියන ගණන් හොයනවා. කොහොමහරි දේශබන්දුව මෙතැනින් අයින් කරලා දීපන් කියනවා. ටිරාන් අලස්ව නැති කරලා දෙන්න කියනවා. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ තියන්න බැහැ. ඔවුන් මේ රටට බරක්.”

“පාස්කු ප්‍රහාරය ගැන කතා වෙනවා… ජනපති අවසර දුන්න පාස්කු රිපෝට් එක දෙන්න. කොටස් කිහිපයක් එළියට දෙන්න එපා කියලා තිබුණා. ඒ සියල්ල කතෝලික සභාවට දුන්නා. පොලීසිය ළඟ නැති තොරතුරු කාදිනල් හිමි සතුව ඇති. ප්‍රහාරයට සම්බන්ධ ලොක්කෙක් ඉන්නවා නම්. මොන ලොක්කා වුණත් මම ඔහුට එරෙහිව ක්‍රියා කරනවා.”

මේ අතර යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ අද (29) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 836 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 -P.M

 

Last modified on Monday, 29 January 2024 11:42

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us