පෙර‍ටුගාමිනුත් IMF ගිහින්ද,.සහනාධාර කපන්න කියන්නේ ? - දුමින්ද Featured

Published in පුවත්
Wednesday, 31 January 2024 10:45

පාසල් දරුවන්ගේ හා රාජ්‍ය සේවකයන්ගේ දුම්රිය හා ලංගම සීසන් අවලංගු කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට හා ලංකා ගමනාගමන මණ්ඩලයට ලාභ ලැබිය හැකි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

දුම්රිය සීසන් ක්‍රමය අහෝසි කර දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව බස් ගාස්තුවේ ප්‍රමාණයට ගෙන ආ යුතු බව, එවිට දුම්රිය දෙපාර්තමේන්තුව ඉක්මනින්ම ලාභ ලබන තැනට ගෙන ආ හැකි බව ද ජනහමුවක් අමතමින් ඔහු පැවසුවේය.

ඔහු මෙසේ ද කීවේය.

‘‘ අද සමහරු කියනවා මේ ඔක්කොම විකුණනවා කියලා. අද දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම බිලියන 11යි. වියදම බිලියන 40 ගාණක් වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභ ලබන්න පුළුවන්. පාසල් දරුවන්ට දෙන සීසන් ටික කැන්සල් කරලා, රජයේ සේවකයන්ට දෙන සීසන් ටික කැනසල් කරලා, දුම්රිය ටිකට් එකේ ගාස්තුව බස් ටිකට් එකේ ගාණට ගේනන ඕනෑ.

මෙහෙම කරන විට දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභ ලබන්න පුළුවන්. ලංගමයත් ලාභ ලබන තැනට ගෙන්න පුළුවන්. පාසල් දරුවන්ට දීලා තිබෙන සීසන් ටික, රජයේ සේවකයන්ට දීලා තිබෙන සීසන් කැන්සල් කරන්න ඕනෑ.

දුම්රිය ස්ට්‍රයික් එකක් ආව දවසට සීසන් එකෙන් යන මිනිහා කියනවා මේක පෞද්ගලීකරණය කරන්න ඕනෑ කියලා. දුම්රිය ස්ට්‍රයික් කරන හැටිත් එච්චර හොඳ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් සීසන් එකෙන් දුම්රියේ යන ගමන් කියනවා මේක පෞද්ගලීකරණය කරන්න ඕනෑ ‘

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us