උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය විවෘත කෙරේ

Published in පුවත්
Friday, 02 February 2024 13:25

උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් චැතැම් වීදිය, පැරණි ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් ගොඩනැගිල්ලේ දී  විවෘත කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පය පරිදි ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන්  ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු  ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ.

උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය මගින් රුපියල් බිලියන දෙකක් වෙන් කර ඇති අතර, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කර එය භුක්ති විඳි ගොවි ජනතාවට ලබා දීම මෙමඟින් සිදු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීම සහ අදාල ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යාලය යටතේ “උරුමය” ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ක්‍රියාත්මකය.

දීමනා ඔප්පු  සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට හා ලියාපදිංචි වීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලයේ  0114354600-1 දුරකතන අංකය ඇමතීමෙන් හෝ http://tinyurl.com/yb98yhey විද්‍යුත්  ෆොරමයෙන් ලබා ගත හැකි බව ජනාධිපති කාර්යාලය පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us