කැතේ ෆැසිපික් ගුවන් සේවාව යලි ගුවන් ගමන් අරඹයි

Published in පුවත්
Friday, 02 February 2024 13:33

කැතේ ෆැසිපික් ගුවන් සේවාව යලි ගුවන් ගමන් මෙහෙයුම් සක්‍රීය කර තිබේ.

කොවිඩ් වසංගත සමයේ  එනම්  2020 මාර්තු මාසයේ සිට  තාවකාලිකව සිය ගුවන් ගමන් මෙහෙයුම්  අත්හිහිටුවා තිබූ මෙම ගුවන් සේවාව යළිත් තම ගුවන් ගමන් මෙහෙයුම් ඊයේ (01) දින සිට ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.

ඒ අනුව සතියේ  සෑම  අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින වල හොංකොං සිට කටුනායක දක්වා ඍජු ගුවන් ගමන් සේවා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ මෙතැන් සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය .

කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ප්‍රථම මංගල ගුවන් යානය  ඊයේ  මධ්‍යම රාත්‍රී 11.35 ට ගුවන් මගීන් 253 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

කැතේ ෆැසිපික් ගුවන් සේවය මෙම මංගල ගුවන් ගමන සදහා එයාර් බස් 330 – 300 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

මෙම ගුවන් සේවාව හොංකොං සිට ලොව පුරා රටවල් 80 ක ගමනාන්ත කරා සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරමින් සිටිති 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us