අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය අද අධිකරණය හමුවට

Published in පුවත්
Saturday, 03 February 2024 10:20

අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03)අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම, කෙහෙළිය රඹුක්වැල්ලට පෙරේදා නියෝග කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙසයි.

අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් ද පැනවුවේ ය.

ඊයේ උදෑසන 9 ට පමණ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණි අතර එහිදී කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

 -P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us