නිදහස් සැමරුම වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Published in පුවත්
Saturday, 03 February 2024 10:25

අද(03) පස්වරු 2.00 සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසයි.

ඔහු පැවසුවේ හෙට පැවැත්වෙන 76 වැනි නිදහස් සමරු උත්සවය නිමාවන තුරු එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ජනතාවට දැනුම් දෙයි.

ඔහු පැවසුවේ රටින් බැහැරවීම සඳහා කටුනායක බලා යන පුද්ගලයින්ටද ඊට අදාළ පහසුකම් සලසන බවයි.

 නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ  සඳහන් කළේ, ආරක්ෂාව සහ වෙනත් රාජකාරි සඳහා නිලධාරින් 4,000ක් යොදවා ඇති බවයි.

මේ අතර, හෙට උදෑසන 5 සිට පෙරවරු 9 දක්වා මුදුහුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, මහලේකම් කාර්යාලය, කොල්ලුපිටිය හා බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන නිදහස් සමරු උත්සවය හේතුවෙන් ය.

-P.M

Last modified on Saturday, 03 February 2024 10:38

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us