යුක්තියට තවත් සැකකරුවන් 770 ක් කොටුවෙයි

Published in පුවත්
Saturday, 03 February 2024 10:51

 'යුක්තිය' මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 567 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 203 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

ඔවුන් සතුව තිබී හෙරොයින් 132gක්, අයිස් 121gක්, ගංජා 15kg සහ 900gක්, ගංජා පැළ 5,416ක්, හෑෂ් 16gක්, මාවා 209gක්, මදන මෝදක 128gක්, තූල් ග්‍රෑම් 45gක් සොයාගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 567 දෙනා අතරින් සැකකරුවන් 06 දෙනෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් දෙදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 203 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 21 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 160 දෙනෙකු ද සිටින බව සඳහන් ය.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 දෙනෙක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 11 දෙනෙකු ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us